සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Thursday, December 30, 2010

මගෙම වන්නට


තරුකැට නිදා වැටෙන
නිස0සල මැදියම් රැයෙ',
බොහො' ඇතක සිටින මුත් ඔබ
ඇසට නොපෙනෙන මායිමෙ...
සිතින් නිරතුරු රැදී ඉන්නම්,
සුරගනක් වී ඔබ හදගැබෙ...
ඔබව දකින්නට පතමි පැතුමක්,
පිබිද එන සැම දිනෙ'...
සදාකල්හිම පතන්නම් මම,
සෙනෙහසින් ඔබ මගෙම වන්නට...

Tuesday, December 28, 2010

♥♥ ලියු කවි පද ♥♥


ලියු කවි පද දහක් අතරේ

ලියාගන්නට බැරිව ලතැවුනා

එකම එක දිග පුංචි කවියක්

තවම ලියනවා මං //


‍නුඹෙ සුවර්‍ද පපුව ගැඹුරේ

කියාගන්නට බැරිව සිරවුණු

එකම එක දිග පුංචි පැතුමක්

තවම පතනවා මං //


උණුසුමක් රැදි පලල් උරයක

වෙලී සැතපී නිදන යුගයක

නුඹේ සුසුමක් සමර්‍ග මියැදී

යන්න තිබුණා නම්

මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන

කදුළු නෑ එහෙනම්


සදවතක රැදි සදළුතලයක

තරු කැටක් වී වැටුණු දවසක

ලතෙක් සෙනෙහස නුඹේ සිත ලර්‍ග

රැදි නොතිබුණි නම්

මගෙ දරදර්‍ඩු පිරිමි හිත යට

කර්‍දුළු නෑ එහෙනම්

Tuesday, December 14, 2010

අපි ඔහුට ආදරය කළෙමු

" ඔහුගෙ'
මිනිස් ගති නිසාත්
උදාර අදහස් හා
අපෙ' අනාගතය ගැන
ඔහු දුටු සිහින නිසාත්,
අපි හැම දෙනෙක්ම
ඔහුට ආදරය කළෙමු.
අපි ළමයින්ව සිටියද
ඒ සත්‍යය
අවබො'ධ කර ගත්තෙමු."

---ගුරු ගීතය---

Wednesday, November 24, 2010

♥ ආලය ♥

ගිම්හාන නියගය
ඒ ග්‍රිස්මයට
වියලී ගිය...
ළපල් ළය
වසන්තයෙ'
සිහිල් පවනෙ'
යළි යළිත්
සොයන්නට විය...

Tuesday, November 16, 2010

♣ හඩන හිත ♣



ඔබ,
මගෙ' හිතට
මෙතරම් ල0වි සිටියත්
මම ,
මගෙ' සිතින්
ඔබව කොතරම්
ල0කර ගත්තත්
දැනෙන්නෙ' ඇයිද

ඔබ මට ආදරෙ නැති වගක්... ♥

Thursday, November 11, 2010

♥ සමනළ හැගුමක් ♥

මල් හැමවිටම ,
හිරු ඉදිරියෙ'
බයාදු උනාට
සමනලුන් ඉදිරියෙ'
ආඩම්බර කම් කලාට
සමනලුන්
කවදාවත් මල් එක්ක
තරහා වෙන්නෙ නැ
තරහා වෙන්නත් බැ

මොකද
සමනලුන්ගෙ'
ජීවිතය මල' නිසා

Sunday, November 7, 2010

දයාබර ඔබට,



ඔබ ගෑන ආදරයක් දෑනුනේ
කිමදෑයි
මා නොදනිමි
කෙලෙසක ඔබ
මා හද තුල
ලෑගුම් ගත්තාදෑයි
නොදනිමි
නමුත්
මා හද තුල
ඔබ වෙනුවෙන්ම
ආදරයක් ඉපද ඈති බව
පමනක් දනිමි....

Sunday, October 31, 2010

♥ සත් පාට ♥


අදුරු අහස
ඉකිලද්දි,
ඈයත් සමග ඔහුත් හඩයි
ඈගේ නෙතින්,
වෑටෙන කදුලු පිසලන්නට...
ඈය වෙත ඔහු,
පාට සතක් හනික එවයි...
එ පාටින් ඈගේ මුහුණ,
නෙක වර්ණෙන් බබලයි...
ඔහු වෙත ඈති ඈගේ සෙනෙහේ,
ගංගාවි දෙගොඩ ගලයි...

Saturday, October 30, 2010

♥ ආදරය ඔබයි ♥



Thursday, October 21, 2010

~ ~ සිත ගිය දුර ~ ~

සිත ගිය දුර
නුබ නැ ලග...
ඉති0 මම අද
තනියම සිත ලග...

නුබ යන මග
මම නොයමි කිසිදින...
ඔබ හමුවට
මම නොඑමි කිසිදින...
ඔබෙ මතකය මම
අමතක කරමි හැමවිට...

Tuesday, October 19, 2010

~v නුබ ගෙවී ගිහින් v~


නුබට ඉඩදී
බලා සිටියා මම
ගොඩක් දෙ'
හදවතේ හිරකරන්
කාට කියන්නද
මගේ වසන්තයත්
ගුලිකරන්
නුබ ගෙවී ගිහින්
මටත් නොදෑනිම




" කාලය "
නුබ මටත් හොරෙන්
ගෙවෙන අරුමය
කෙසේ නම්
පහදන්නද?

Sunday, October 17, 2010

කදුල මම


කදුලු උරුම වු දෑසට
හිනෑහෙන්න අවසර දෙන්න...
දුක උහුලන හිතකට
සතුටෙ මිහිර ලබා දෙන්න...
ඔබ නොමෑතිව මෙ දිවියට
දිවි ගෙවන්න කියා දෙන්න...

Saturday, October 9, 2010

සදා නොවෙනස් පෑතුමකි ඔබ මට





සුසුමක් වි දයාබර........


පු0චි වැහි දිය බිදක් වි මම,
නුබේ දෙකොපුල් මත වැටෙන්නම්...
සදෙ' සිසිල ගෙන නුබේ ලො'කයට මම,
සද කුලියම වි හිදින්නම්...
පු0චි සුසුමක් වි දයාබර,
නුබේ සුසුමට එකතු වෙන්නම්...
නුබේ සිත් උයනේ,
පිපුනු පු0චි,
රො'ස කැකුළිය
මමම වෙන්නම්....

Thursday, October 7, 2010

~ ~ මට අහිමි ඔබ ~ ~


හිමිදිරියෙ'
පිපුනු රො'ස මල
පරවුනි නොදැනිම...
මලක් තුලින්
හමන සුළග
ඔබ තුලින්
දැනුනි මට...
කදුලු සගවා
සිනහා පෙන්වා
වෙදනාව මැද
හිනැහෙමි මම...

Sunday, October 3, 2010

අමතක නොවන ඔබට ආදරයෙන්,,


කොච්චර අමතක කරන්න හැදුවත්
ඔයා මට ඔයාව
අමතක කරන්න
දෙන්නෙ' නැත්තෙ' ඇයි කියලා
මම දන්නෙ නැ...
ඒත් ,
මටත් ඔයා දිහා..
ඔය ඇස් දෙක දිහා..
නොබල ඉන්නත් බැහැ...
අනෙ' ම0දා.....
ඔයා මට ආදරය කරනවද?
මම ඔයාට ආදරය කරනවද?
මට මෙ කිසිදෙයක්
තෙ'රෙන්නෙ නැ.....

Wednesday, September 22, 2010

මම අහිතක් හිතන්නෙ නැ..

එක වතවක් කියන්න රත්තර0
මට ආදරෙයි කියලා
ඔයා දන්නවද?
ම0 ඔයත් එක්ක හිනාවෙලා කතා කලාට
මෙ පු0චි හිතෙ',
ඔයා ගැන කොච්චර ආදරයක් ගැ0ගිලා තියෙනවද කියලා
ඔයා ම0 දිහා බලන එක බැල්මකට,
මාව කොච්චර පිච්චෙනවද කියලා
ඔයා දන්නෙ නැ
තවත් මාව පුච්චන්න එපා
ඒත්, මට බලෙන් ඔයාගෙ ආදරෙ
ගන්න ඔන නැ..
සමහරවිට ඔයා
මට ආදරය කරන්නෙ' නැතුව ඇති..
ම0 අහිතක් හිතන්නෙ නැ
ඒ ම0 ඔයාට ගොඩක' ආදරය කරන නිසා
මහමෙරක් තරම් ආදරය කරන නිසා...

Friday, September 17, 2010

ජිවිතය ඔබයි මට


තනි රැක්ක
රො'ස මල් කල්පනා...
විහිදෙන්න පොපියද්දි
එක හිතක් වෙලා...
නෙත් එක්ක
හුවමාරු කල පෙම් කතා...
හිත් එක්ක හැප්පෙද්දි
එක හිතක් වෙලා...
ගී පිරිතක් බැදි ජිවිතෙ',
නිල් සද මඩලෙ' පලසෙ' රැදි,
ඔබෙ ආදරෙ පින්තාරුවෙ...
ඔබ නිදනා තුරු පපු තුරුලෙ',
සුවද දැනෙ' සුසුමට
හදෙ' කදුලින් කදුලට
ජිවිතෙ' හුස්ම වැටෙ පරමාදරෙ...

Saturday, September 4, 2010

@ ජිව නාලය ඔබයි @

එදා මෙදා තුර
මගෙ' තනි නොතනියට
සැමදා මා සමග සිටින
යම් දවසක
මෙ විශ්වයෙන්,
මා සමගම
සමුගන්නට,
භවයෙන් භවයට
පෙරුම් පුරා
මා සමග එන
ඔබට,
ම0 ආදරෙයි...
ඔබ මගෙ'
ජිව නාලයයි...

Monday, August 30, 2010

මා මිතුර


අහො',
ඔබ මාත් සමගය...
ටිටෙක නොව
සැම විටම,
මෙ ජිවන ගමන් මගෙ'
තනි නොතනියට
මා සමග සිටිමින්,
සතුටෙදි හා දුකෙ'දි
නිබදවම මා සමග
රැදෙමින්,
මා අසලම සිටින
සැමදා ම ණයගැති
මිතුර නුබයි...

Sunday, August 22, 2010

~ ~ මගෙ' සද ඔබයි ~ ~

සදට සදහටම තනි රකින
තරුකැට සහසින්,
එක පු0චි තරුකැටයක් අඩුවුනාට
සදට තනි නැ...
ඒ වගෙ'ම
ඔබෙ ලො'කයට මම නැති උනොත්
එ අඩුවත් දැනෙන එකක් නැ...

ඒත්,
සද නැති රැයක
පු0චි තරු වලට විතරක් නෙමෙයි,
මුලු අහසටම පාලුයි...
ඒ වගෙ'ම
මගෙ' ලොකයට ඔබ නොලැබුනොතින්
ඒ ලො'කයම ඔබ නැතිව
පාලුවෙයි..

Thursday, August 19, 2010

බලාපොරොත්තුව අභියස....



රැ අදුරෙ
ඈත අහසෙ'
රන්වන් පාටින් බබලන
ඉරබටු තරුව නුබද?

මගෙ' සිත් අහසෙ'
පෙනි නොපෙනි යන
මිරිගුව නුබද?

ඉගිලෙන්නට
සිත් ඇතිමුත්
යදම් දමා
සිරකර ඇති
මෙ පු0චි හිතට
සෙනෙහසෙ' යතුර ගෙන
පැමිණෙන්ණෙ' ඔබද?



සබද,
නෙතු දල්වා
බලා හිදිමි
සදක් වි නැගෙනතුරු
ම'සිත් අහස පුරාවට...



Tuesday, August 17, 2010

ම පුතුනුවන්ට කියලා දෙන්න.. ( 3 )

ඔන්න මම අද ලියුමෙ ඉතිරිය ලියලා ඉවර කරන්නයි හදන්නෙ'

ඔබට හැකිනම් අව්‍යාජ සිනාවෙ
රහස උගන්වන්න
අයුතු බලපාන තක්කඩියන්
මැඩලිම වඩා පහසු බව
ඉක්මණින් වටහා ගන්නට
ඉඩ සලසන්න

පොතපතෙහි සැගවුනු
රමණිය සුන්දරත්වය
උරා බොන හැටි
හැකිනම් කියාදෙන්න.

කදුලක් හෙලිම ලැජ්ජාවක්
නොවන බව පවසන්න.

සමච්චලය මායිම් නොකරන්නටත්
චාටු පැසසුමෙන් නොරැවටෙන්නටත්
දිරි දෙන්න.

ශ්‍රම ශක්තිය සහ ඟදානය
වැඩි මිලට තක්සෙරු වන මුත්
ළබැදියාව සහ ආත්ම ගරුත්වය
සැමදා අමිල බවත්
ම පුතුනුවන්ට පහදාදෙන්න.

බෙරිහන් දෙන සටන් පාට වලට
කන් නොදි හද තුල කාවැදි ඇති
සත්‍යය වෙනුවෙන් සටන් වදින්නට
ම පුතුනුවන් හික්මවන්න

ඔහුට කරුනාවෙන් සලකන්න
වැඩි ආදර සැලකුම් නොදක්වන්න
ඉස'තරම් වානෙ'පදම් වන්නෙ'
ගිනියම් උදුනකිනි

ඉවසිමෙන් ඔහු නිර්භිත විය යුතුය
සැමදා හිතතුළ රැව් දෙන
සත්ගුණ ඇදහිමෙන්
පොදු මානව බැතිදම් ලියලන බව
ඒත්තු ගන්වන්න

මෙය ඉතාබැරැරුම් අපෙ'ක්ශාවකි
හැකිපමණින් ඉතුකරන්න
මගෙ' පුතා ඉතා විනිත දරුවෙකි.


ඔන්න ඉතින් ඔය ටික තමයි ලින්කන් තුමා තමාගෙ' පුතාගෙ පාසලෙ' ප්‍රදානියට දුන්න ලිපිය..
ඔයාලත් කියවන්න හොදින් හිතට ගන්න ... පමනට වඩා ඔනම දෙයක් ඔනම නැ කියලා හිතට ගන්න ,,,,
හැකි පමණින් යුතුකම් ඉටුකරන්න...
හොද පුරවැසියෙක් වෙන්න...

Wednesday, August 11, 2010

ම පුතුනුවන්ට කියලා දෙන්න.. ( 2 )

ඔන්න මම ඉතුරුටික කියන්නයි හදන්නෙ' හොදින් අහගෙන ඉන්න ඒ වගෙ'ම හොදට හිතට ගන්න

නිරවද්‍ය තම මතයට
කොයි කවුරු අව කැපුවත්
අදිටනෙන් එල්බ සිට
නිවරැද්දම තහවුරු කරන පිණිස
දිරි දෙන්න

මෙත් කුලුණේන්ද සැර වැරෙන් ද
හික්මවිය යුත්තන් සිටින බව
පහදා දෙන්න

අනුකරණය කොපමන පලදායි වුනත්
ආත්ම ශක්තියෙ' අගය
අමිල බවත් උගන්වන්න

අන් මනු වදන් මැන කිරා බලා
සත් වදන් සමග උරගා බලා
හොද නරක වෙන් වෙන්ව පෙරා
හොද දෙ' පමණක් ඇගයිමට උගන්වන්න
දුකෙදි පවා සිනාසිමට
උගන්වන්න හැකිනම් මැනවි

වැඩි කල් ගතවුවත්
තම වැයමෙන් උපයාගත් සොච්චම
උරුම වු දායාදයට වඩා
නම්බුකාර බව උගන්වන්න
පරාජය පිලිගැනිම මෙන්ම
ජය පැන බිමටත් උගන්වන්න.


ඉති0 ළමයිනෙ' අදට කතාව ඇති මම දැන් යන්නත් ඔනා ආයෙත් පස්සෙ' වෙලාවක ලියුම ලියලා ඉවරකරනම් දැන්නම් හොදටම නිදිත් මතයි
ම පුතුනුවන්ට කියලා දෙන්න.. (3) න් මුන ගැහෙමු..

Tuesday, August 10, 2010

ම පුතුනුවන්ට කියලා දෙන්න...



මුලින්ම කියන්න එපැයැ මම ලියන්න යන්නෙ' මොකක්ද කියලා මට අද ලිපියක් ලැබුනා එක තාත්තා කෙනෙක් පුතෙකුට ලියපු එකක් , මෙක ලියලා තියෙන්නෙ නම් ජන නායකයෙක් , නමින් එඛ්‍රහම් ලින්කන්. ඇමරිකා එක්සත් ජනපදයෙ' 16 වෙනි ජනාඨීපති. ලින්කන්තුමා ලොවපහලවු ශ්‍රෙ'ශ'ටතම ජනනායකයෙක්.
ඔහු වරක් තම පුතගෙ' පාසැලෙ' ප්‍රදානාචාර්යතුමා වෙත ලිපියක් යැව්වෙ පාසැලෙ' අඨ්‍යාපනයෙන් (ජනනායක) පියකු තම දරුවා තුළ පැල්පදියම් විය යුතුයයි හගින ගුණා0ග කිහිපයක් ඉස්මතු කරමිනි. අඨ්‍යාපන පරමාර්ථයන් පිළිබදව ලියැවුනු විශිශ'ඨ ගණයෙ' ලියැවිල්ලක් ලෙස මෙය පිලිගැණෙ'.
සර්වකාලින වැදගත්කමකින් යුත් මෙම ලිපිය සියලු දෙනාටම වැදගත් වෙයැයි සිතමි...
එහෙනම් මම දැන් ලින්කන්තුමා පුතුනට ලියපු ලියුම ලියන්නම් ඔයාලටත් හොදයි කියලා හිතනවා.........



ඔන්න අහගන්න මම ඔයාලටත් ඇහෙන්න කියවනවා......

ඔබ මා පුතුනුවන්ට
ඉගැන්විය යුතු දැ එමටය.
මා දන්නා පමණින්
ඉන් සමහරකි මෙ.

මිනිසත් බව ලත් මුත්
සියල්ලො' ස්ත්ගුණවත්
නොවන බවත්
සත්දම් නොදන්නො' බවත්
ම පුතුනට පහදා දෙන්න.

කපටින් , සැමහට
එරෙහිව නැගි සිටින
විරයන ඇත. දො'ත පුරා බැ0කු
තරකරන පාලක නිහිනයන්ට
පාඩම් ඉගැන්විමට ඇප කැප වු
නායකයන්ද ඇතිබව
ම පුතුනුවන්ට කියා
දෙන්න.

මෙ ඉන්නෙ ලින්කන්තුමයි එයාගෙ' පුතයි

සතුරුකම් කරන දුදනුන් පරයා
කළණ මිතුදම් රකින
සුදනුන් ද ඇතිබව උගන්වන්න.

අහස්කුස නිදහසෙ' පියාසර කරන
සියොතුන්
හිරු කිරණේන් ඔද වැඩුනු
මි මැස්සන්
නිල්වන් මිටියාවත බබලවන
වනමල් ආදිය නරඹමින්
ඒ තුල සැගවුණු සදාකලික අබිරහස්
ඉගි මගින් ඉගෙන කුල්මත් විමට ද
කාලය මිඩ0ගු කරන්න.

පාසැල් විභාග වලින් අසමත්විම
ව0චාවෙන් සමත්විමට වඩා
නම්බුකාර බවත්
යුක්ති යුක්ත බවත්
අගයන්න.

මෙ ලින්කන්තුමා තම පුතුට ලිව්ව ලිපියෙන් ටිකයි .... ඉතුරුටික බලාපොරොත්තුවෙන් ඉන්න ඉඩක් ලැබුනු හැටියෙන් සදහන් කරන්නම් හොදෙ'(ඔයාලට ඇහෙන්න කියවන්නම් පස්සෙ වෙලාවක) ....

ඔයාලට හිතෙන දෙ' මට කියලා යන්නකො' ,



Sunday, August 8, 2010

ජිවිතය වු ඔබ

පරිගනක තිරයට හුරු වුනු
ඔය ඇස් දෙකට
මගෙ ඇස් වල එළිය,
දැනෙන්නෙ' නැද්ද කියලා
මම දන්නෙ' නැ

එත් රත්තර0,
ඔය ඇස් දෙකත් එක්ක
දවල් රැ ජිවත් වෙන මම,
ඔයාට ,
මටත් වැඩිය ආදරෙයි...


::@ ඔය ඇස් දෙකට
ආදරය කරන
අප්පච්චිගෙ පොඩ් දො'ණි @::

Friday, August 6, 2010

##යතාර්තය නම් මෙයයි ##

මා මියගිය බව දැනගත් මොහොතෙම
ඔබනම් වැලපෙ'වි...
උපන් කෙනෙක් ලොව මියයන බව දැන
යලි ඔබ නොහඩාවි....
මගෙ දෙන නිවසට ගෙන ආ මොහොතෙම
හඩගා මතකය කියවාවි....
මතක වත පුදා දෙන ඔසවන විට
හද සසලව යලි වැලපෙ'වි.....
එතෙක් තනිවෙලා නැති අයුරින් ඔබ
එන යන අය හා හිනැහෙ'වි....

සත් දවසෙ' බණ, දානය දෙනදා
මා ගැන මතකය සිහිවෙවි....
තුන්මස්, අවුරුදු පින්කම වෙනදා
සැණකෙලි සිරියක් ගෙන එවි....
කලක් ගතවෙලා මතක පොතෙ' මම
උන්නද කියලත් නොසිතෙ'වි....

Wednesday, August 4, 2010

෴ ඒ ඔබම දැයි ෴


මගෙ හිතට එය දැනුනා
මට ආදරේ හිතුනා
මගෙ හීනයේ මට තුරුලු වූ

ඒ ඔබම දැයි...

මගෙ ජීවිතේ පුරා
ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරෙ

ඒ ඔබම දැයි...

සිහිනයෙන් දුටු කතාවේ
මගෙ තොල් පෙතිත් තෙමුනා
ඔබ ලගින් උන් වෙලාවේ
සිත ආලකම් කෙරුවා
මම ලෝබ කම් කෙරුවා
ඔබ මට අහිමි වේ කියා
මගෙ හිත් කොනේ බැදි ආදරරෙ
ඒ ඔබම දැයි...

මා දෙස ආදරෙන් බලා
මගෙ හිත කොනිත්තයි ඔයා
සත්තයි ප්‍රියේ මම දන්නෙ නෑ
ඒ ඔබ කියා......


:::ආදරය හොයන මම:::

Wednesday, July 28, 2010

පෙරුම් පුරාගෙන ලියු ගිය ඔබ...


පෙරුම් පුරාගෙන ලියු ගිය ඔබ
ඔබට ඈසෙන්නට කියනු බැරි
මගෙ'ම හිත තුල ලැගුම් ගන්න දැන්
සදාතනික වු රහසක් සෙ'....
රහසක් සෙ'.... //

මලක් වුනත් ඔබ මල් මුවරද
සිපගන්න වරම් නැහැ කිසි ලෙසකින්... //
මගෙ හද අරනෙ' සුවද සදා දෙන
මල් සුවදක් සෙ'පිපෙනු දුරින්


පෙරුම් පුරාගෙන ලියු ගිය ඔබ....

ගගක් උනත් ඔබ නිල් සිහිලස
විදගන්න වරම් නැහැ කිසි ලෙසකින්...//
නිරුදක දිවියෙ' සිහිල සදා දෙන
නිල් දියවර වි ගලනු දුරින්

පෙරුම් පුරාගෙන ලියු ගිය ඔබ....


Tuesday, July 27, 2010

නිර්මල ප්‍රෙ'මය

ආදරෙ නිසල සමනල කන්දෙන් ඉපදුන,
දුර ඈත පිටිසර ගමක,
කෙත් යායක් ලග,
අහිoසක මෑටිපහන් වල එලිය අරගෙන
සුදු බුදුකරුනා ගුණ මවන,
පුoචි පන්සලක් වගෙ' ඔබ මට..........

ඔබෙ ප්‍රෙ'මය වෙනුවෙන්ම,
භණ භාවනා කරන,
අති නිර්මල බොදි සත්වයානණ් කෙනෙක්....
ඵිරිකර දිනට මම මගෙ,
හදවත රෑගෙන,
ඔබෙ ආරමයට එන්නම්,
ජීවිතය සන්තක,
සියලු සෑප සම්පත් අතහෑර..............

අහිමි හදවත


විසල් ලොව තුල
නොනිමි සෙනෙහස
ආදරබර සිතුවිලි
පැටලෙනා සද,....
ම0 මුලාවු
මුව පැටවකු සෙ'....
තෙරක් නොපෙනෙනා
ආදරය නැමති දිය සොයනා...
නෙතුපියන් හැර,
කඩතුරා බිද,
ආදරය විනිවිද
ලොව දකින්නට...
හුදකලා වු
හදට අමතන
සෙනෙහෙබර වු,...
මුදුවදන් තෙපලන්න
ඔබෙ දෙනෙතින් ලොව දකින්නට...
ඔබෙ ප්‍රෙ'මය
ම හදට තුරුල් කරගන්නට
බලා ඉන්නෙමි
දිවි ඇතිතුරා...

Monday, July 26, 2010

මම හරිම අසරනයි රත්තර0

මම දන්නවා පැටියො'
මම ඔයාට ආදරය කලාට
ඔයාගෙ' හිතෙ' මම නැ කියලා .
එත්
මම මොනා කරන්නද?
මිරිගුවක් පස්සෙන් යනවා වගෙ'
ඔයාටම ආදරය කරනවා...
මටත් පිස්සු,
ඔයාගෙ' අව0ක සිතුවිලි වලට
මම ආදරය කරනවා ,
මට තාම හිතගන්න බැ
රත්තරන්,
මම ඇයි ඔයාට ආදරය කරන්නෙ' කියලා..

Friday, July 23, 2010

Eternal Life

Lord,make me an instrument
of your peace,
Where there is hatred, let
sow love;

Where there is injury, pardon;
Where there is doubt, faith;
Where there is despair, hope;
Where there is darkness, light;
Where there is sadness, joy;
O Divine Master , grant that I
may not so much seek to be
consoled as to console;
to be understood as
to understand;
to be loved as to love.

For it is in giving that we
receive;
it is in pardoning that we are
pardoned;
and it is in dying that we are
born to eternal life...



චුට්ටක් මෙ ගැනත් හිතන්න..........

මම ඉතින් හැමදාම ක්ලාස් යන්නෙ' බස් එකෙනෙ' ඔන්න මට හිතුනා මම දකින දෙයක් ඔයාලට කියන්න.... අපිව මෙලො'කයට බිහිකරන්න අපිව උස්සගෙන අපෙ' අම්මත් බස් වල ගාටන්න ඇතිනෙ'ද? ඉතින් දැන් අපි හොදට ඉන්නවානෙ' එත් එන්න ඉන්න කෙනෙක්ව උස්සගෙන බස් රතයට ගොඩවෙන අම්මා කෙනෙකුට තමන් ඉන්න ශිට් එක දෙන්න හිතෙන්නෙ කියෙන් කිදෙනෙකුට විතරද? අනෙ' ම0දා විවාහක ලමයි ඉන්න තාත්තලා, සමහර කෙල්ලෙ' ඇයි මෙ ගැන හිතන්නෙ නැත්තෙ'.... තමන් විතරක් බස් එකෙ ගියහම ඇති කියලා හිතනවා ඇති.... එත් කෙල්ලන් හිතන්න ඔනා එඅයත් කවදාහරි එ තත්වයට එනවානෙ'ද කියලා... දැන් හැදෙන සමාජය හරිම අන්තිමයි රිනාත්මක සිතුවිලි වලින් පිරිලා......... වැඩිහිටියෙකුට වත් සලකන්නෙ නැති සමාජයක් ... එත් කියන්න ඔනා සමහර අය විතරයි ඔය මම කියපු රින ගොඩෙ ඉන්නෙ'... හැමො'ම එක වගෙ නැ......... සමහරු තමන්ගෙ' අම්මට තාත්තාට වගෙ'ම අනිත් අයටත් සලකනවා .... එහෙම හැමො'ම කරනවානම් අපෙ' රට කොච්චර ලස්සන වෙයිද ? චුට්ටක් හිතන්න........



චුට්ටක් හිතන්න අපි හොදට හිටියොත් අපිට හැමොම ආදරය කරනවා........
අපි කරපු උදවුවකට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවි පුලුවන් විදියට අනිත් අයට උදවු කරමු...
එතකොට මොකද වෙන්නෙ' කියලා ඔයාලම හිතලා බලන්නකො'..............


Monday, July 19, 2010

~~ජීවිතේ කලා අසපුවක් කෙරූ ~~


ජීවිතේ කලා අසපුවක් කෙරූ සොදුරී____

දෙතොල් තෙලි තුඩෙන් රස හැගුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා මගේ ලයට තුරුලු වී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් නැගූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වරල දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොදුරී.....

රෑ දවසේ නොමෑකී
ලා සද සේ සැතපී
රෑ ගෙවෙනා මොහොතේ
ආයේ හිරු සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වරල දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොදුරී.....

_________(භවන්ත නදුන්)_______

සපුරා තහනම්


සපුරා තහනම් ආදරෙ මට නම්...
නෙතුපියාගන්න සදහට ටිකදිනයි තියෙන්නෙ'...
නොදැන එ නුඔ විමසුවත්
ආදරෙදැයි ඔබට මo...
අතරමoවි ගොලුවුනෙ' ආදරෙ නිසා මo....

මගෙ අවසන් හුස්ම තුරුල් කර මියෙනා තුරා ඉන්නවා නම්...
ඔබ නිදනා යහන් සමිපයෙ' සුසුමක් වි පාවෙන්නම්...
භවයෙන් භවෙ හිමි මග බලා ඔබ එයි කියා...
එතුවක් තුරා පෙරුමන් පුරා එන්නම් සොයා...

සපුරා තහනම් ආදරෙ මට නම්......

හිතල මගෙ දෙතොල් අගට වැටෙනා උනුකදුලැලි පෙ'ලි....
දුකයි හිතට ඇස් වහගන්නට නුඔලග සිටින වෙලෙ'දි...
භවයෙන් භවෙ හිමි මග බලා ඔබ එයි කියා...
එතුවක් තුරා පෙරුමන් පුරා එන්නම් සොයා...

සපුරා තහනම් ආදරෙ මටනම්......



Friday, July 16, 2010

~~~සිහින අතරෙ සොයමි ඔබ රැව~~~

මෙ මොහොත' මුලු ලො'කයම නිදි , මම ඉන්නෙ නුබ ගැන සිත සිත... ඇත දිලෙන තරැවක කොතනක හො' මට නුබව පෙ'නවා... මමත් එතැන ඉන්නවා කියලා හිතෙනවා ...මම අවදිව ඉන්න මෙ රැ නුබ පවා දැන් නිදි ඇති රත්තරo ...මම නුබට ආදරය කරන බව නුබ දන්නවා වුනත්, නැතත් මම නුබ ගැන සිහින දකිනවා... මම ආදරය කලෙ' ඔයාගෙ' ඔය ඇස් වලට... ඔයාගෙ සුවදට... එ සුවදට මම තාමත් ආදරෙයි පැටියො'...මම ඇත ඉදන් ඔයා දිහා බලන් ඉන්නවා... ඔයා මම දිහා බලන්නෙවත් නැ මගෙ පැටියො'... ඇයි එ තරමටම මාව අසරන කරන්නෙ'... ඔයාට මෙච්චර ආදරය කරන කෙල්ලව අසරන කරන්නෙ'... මම දන්නෙ නැ එ ඇයි කියලා... කවදාහරි මo ගැන ආදරයක් දැනුනු දවසට මගෙ'ලගට එන්න ... මම බලන් ඉන්නවා, මගෙ' වස්තුවෙ.... ඔයාට තෙරැවන් සරනයි!

ආත්මය කරගනිමි...


පිටව ගිය සුසුමක් සෙ'...
ඔහෙ' පාවුනු මගෙ' දිවියට ...
රිදි අරුනැල්ලක්ව පායා...
අරුත්බරව දො'ත පා...
හදවතින්ම තුරුලු කොට...
විදුරමිනක් සෙ' දිලෙන...
ප්‍රභාමත් නුබෙ මුව මඩල...
මට ශපත කල නුබව...
රකිමි, මැනිකක් ලෙසින,...
සදා නොවෙන්වන ලෙසට...
නොයමි, හැර කිසිදින...
හිදිමි , නුබ සමගින් ම.

Tuesday, July 13, 2010

අරුනලු....



මෙ බොල් පොලො'තලයෙ'
හෙට උදාවන වසන්තයෙ'...
අරුනලුද සමග යන්නට හැකිය
ඉමක් කොනක් නොපෙනෙන තෙරක් නොදකින
ගව් ගනන් දුර දිවි මගෙ'
අව0කව හා සතුටින් දිනන්නට හැක
මෙ රුදුරු ලොව......

Monday, July 12, 2010

විශ්වාසයයි ආදරයේ මුදුන් මුල

Uthura galai jeevithaye sinaha dola,

Mathura wadan kav mihiren ekalu kala,,,

Pipena kusum hada pathule janitha kala,,,

Wishvasayay adaraye mudun mula,,,


උතුරා ගලයි ජීවිතයේ සිනහ දොල,,

මතුරා වදන් කව් මිහිරෙන් එකළු කල,,,,

පිපෙනා කුසුම් හද පතුලේ ජනිත කල,,,

විශ්වාසයයි ආදරයේ මුදුන් මුල,,,,


Friday, July 9, 2010

"ප්‍රාර්ථනා "

ඡිවිතයේ සියල්ල අහිමි වී...
ප්‍රාර්ථනා
බොඳවී...පැතුම් පාවී...
විශ්වාසවන්තයන් පිටුපා...
අතීතය සදාකාලික
කඳුළක් වී...
වර්තමානය කඳුඑ ගංගාවක් වී......
අනාගතය
අපැහැදිලි මායාවක් වී...
දෛවයේ කුණාටුවලට හසුවී ගසාගෙන යද්දී...
ඔයා කියන්නෙ රත්තරන්,ඡීවිතය අලුතින් පටන්ගන්න කියලද...
(Masha Meenu)

" ආදරය "

ආදරය .. ගැන මට ලියන්න කියලා කිව්වෙ මගෙ යාලුවෙක්,, ඉතින් එයා ඉල්ලපු නිසා මට හිතෙන විදියට ඔයාලට මම ආදරය ගැන ලියන්නම්...
ආදරය කියන්නෙ' මෙ ලොකයෙ' තියෙන අපි අත්විදින්න ආස ලස්සන දෙයක්... වැඩෙ කියන්නෙ' තාම කවුරුත් එ ආදරය හරියට තෙ'රුම් අරන් නැනෙ'... (මටත් එක තෙ'රුම් ගන්න අමාරුයි...). මුලින්ම ආදරයෙ'දි අපි අව0ක වෙන්න ඔනෙ'.. එතකොට තමයි සැබැ ආදරය අපිට ලැබෙන්නෙ'... ඇත්තටම ආදරය සුන්දර අත්දැකිමක්.. අපි ආදරය කරද්දි අපිට කවදාවත් කරන්න බැරිඋන දෙ'වල් කරන්න පුලුවන් . ඇත්ත ආදරය අපි උපදින උපදින හැම ආත්මයකදිම අපිට හමුවෙනවා, එ අපි කරන ආදරය අව0කයි නම් විතරයි... ඇත්ත ආදරය කවදාවත් මැරෙන්නෙ' නැ.. උපදිනවා විතරයි.. අපිට ආදරයක් බලෙන් ලබා ගන්නත් බැ ... එක ආදරයෙ' එක සතයයක්.. ආදරයට ආදරය කරන්න එවිට ආදරය ජයගන්න පුලුවන්... ආදරය කරද්දි අනිත්කෙනගෙ' හිත රිද්දවන එකනම් හරිම පවු, හැම වෙලාවෙම ආදරය කරන කෙනාට දැනෙන්න අරින්න ඔයා එයාට කොච්චර ආදරය කරනවාද කියලා,, එතකොට එ ආදරයට පැවැත්මක් තියෙනවා... ආදරය පිවිතුරුයි , සුන්දරයි, ලස්සනයි, ආදරය වෙනුවෙන් කවි,සින්දු, නිසදැස්, පදවැල්, ලියවිලා තියෙන්නෙ' ආදරය එතරම්ම ලස්සන නිසයි.. ඉතින් යාලුවනෙ' ආදරය ගැන තවත් මොනාහරි දෙයක් ආයෙත් ලියන්නම් එත් "ආදරය" ගැන ලියන්න නම් අකුරුත් මදිවෙයි . ඔයාලත් ආදරය ගැන හිතෙන දෙවල් මට ලියලා එවන්න.....

Wednesday, July 7, 2010

,,,,ආදරනිය අම්මාට සෙනෙහසින්,,,,

උදා ගිරෙන් නැගෙනා හිරු කිරන ලෙසින්
එලිය කලෙ' අප දිවිමග ඔබ නිතැතින්
දියුනුව සොයා පා නැගුමට දිරිය දෙමින්
අත්වැල වුනා වැටෙන්නට නොමදි මෙලෙසින්

ලො'කය මොනවගෙ'දැයි පහදා මැනවින්
සැප මෙන්ම දුක ලගදි නිති සෙවනැල්ල වෙමින්
ආශිර්වාද කරමින් අපලග රැදෙමින්
අම්මා හැර කවුරුද ඉන්නෙ' මෙලෙසින්


ආදරනිය අප්පච්චිට....

හිරු කිරන ඔබයි මගෙ' ලොවට එලිය දෙන
පහන්ටැබ ඔබයි පියතුමනි මට හැමකල
සෙවනැල්ල මෙන් නිතින දිරියකල මා දිවිය
කෙසෙ' මම ගලපම්ද ඔබෙ ගුන පදවලට....


you 've always been
so loving & caring
The knowledge you've imparted
cannot be found in any book
and
apecially,,,,,,,,
Dear father...
This is not enough to say thank you..
for the things you've done for me...
I LOVE MY FATHER MORE THAN EVERYTHING..........

සමා වෙන්න,,

අනෙ' මට අද ආපු වැඩෙ කරගන්න බැරිඋනානෙ' මොකද මම බ්ලොග් එක පොඩ්ඩක් අලුත් වැඩියා කලා ඉතින් මට දැන් ලියන්න විදියකුත් නැ අම්මගෙන් බර බරෙ මාර අවුලක් වෙන්නෙ' මම ගියෙ' නැත්නම්.... හෙටනම් නොවැරදිම මොනවාම හරි දෙයක් අනිවා ලියනවාමයි.... එතකන් මම ගිහින් එන්නම්............ ආ ඔයදෙ' මට කියලා දුන්නෙ' fb එකෙ' අයියා කෙනෙක්,,,,,

Tuesday, July 6, 2010

සිතන්නට ඉගෙන ගන්න,,,

පුරුද්ද වු කලි, මිනිස් සිරුර පාලනය කරන බලවෙග වලින් අතිශෙ'ශ්ට එකකි. නැතහොත් ශෙ'ශ්ටතම බල වෙග වලින් එකකි. උදෙ' නින්දෙන් අවදිවිමෙ පටන්,නැවත නින්දට යනතුරු අප අතින් කෙරෙන වැඩවලින් 10 න් 9 ක් ම ඉබෙ කෙරෙන දෙ'වල් ය.
අප බොහො දෙදෙනකුගෙ' ක්‍රියාවලින් ඉතා ස්වල්පයක් පමනකි,පුරුදු බවට පත් වනුයෙ'.එ හෙයින් දිනපත අප කාලයෙන් වැඩි කොටසක්, කිසිත් වැදගම්මකට නැති දෙ' පිලිබද නිගමනයන්ට බැසිමෙන් හා පසුතැවිලි විමෙන් හා ගත කරන්නට සිදුවෙ,,,
වැදගත් දෙ' පිලිබදව හිතමතා බලන්ට වෙන් කලයුතු මානසික ශක්තිය, දිනපතා කලයුතු සුලු සුලු වැඩ ගැන සිතිමෙන් ගෙව දැමිම මෙහි ප්‍රතිපලයයි.අවිනිශ්ශිත සිතක් ඇති මනුශ්ශයයා වුකලි, හුදෙක් උසස් දෙ' සදහා සිය මනස,නිදහසෙ' යොදවන්නට සැහෙන තරම් පුරුදු තමා තුල රුවාගන්නට වෙහෙස නොදැරුවෙකි.
ස්වකිය ස්නායු මන්ඩලය, හිත මිතුරකු ලෙස තබා ගන්නවා වෙනුවට, හතුරකුමෙන් සිටින්නට ඉඩහරින නිස මෙබදු මනුශයයා මිහිපිට සිටින ඉතාම දුක්කිතයා හා ශො'කාතුරයා වන්නෙ'ය. මානසික ශක්තිය අතින් කල්පනා කරනවිට පුරුද්ද අතිශය වැදගත්ය...



(උපුටා ගත්තෙ'="මිනිස් සිත" නම් ග්‍රන්තයෙනි.. "The Human Machine" )

Human mind

හිරැ පායන්නා සෙ' , බැස යන්නා සෙ' නිතර ආලො'කමත් වන්නෙ'ත්, අදුරු වන්නෙ'ත් මනා පාලනයකින් තොරවු තාවකාලික හිතක් පමනි....
It's only a temporary mind that momentarily notes changes and lightness and darkness as the sun rises and sets,,,,
මම බ්ලොග් කලාවට නවකයෙක්......... ඔයගොල්ලන්න්ගෙ සහය බලපොරොත්තු වෙනවා...........