සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Wednesday, August 4, 2010

෴ ඒ ඔබම දැයි ෴


මගෙ හිතට එය දැනුනා
මට ආදරේ හිතුනා
මගෙ හීනයේ මට තුරුලු වූ

ඒ ඔබම දැයි...

මගෙ ජීවිතේ පුරා
ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරෙ

ඒ ඔබම දැයි...

සිහිනයෙන් දුටු කතාවේ
මගෙ තොල් පෙතිත් තෙමුනා
ඔබ ලගින් උන් වෙලාවේ
සිත ආලකම් කෙරුවා
මම ලෝබ කම් කෙරුවා
ඔබ මට අහිමි වේ කියා
මගෙ හිත් කොනේ බැදි ආදරරෙ
ඒ ඔබම දැයි...

මා දෙස ආදරෙන් බලා
මගෙ හිත කොනිත්තයි ඔයා
සත්තයි ප්‍රියේ මම දන්නෙ නෑ
ඒ ඔබ කියා......


:::ආදරය හොයන මම:::

No comments:

Post a Comment