සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Monday, July 19, 2010

~~ජීවිතේ කලා අසපුවක් කෙරූ ~~


ජීවිතේ කලා අසපුවක් කෙරූ සොදුරී____

දෙතොල් තෙලි තුඩෙන් රස හැගුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා මගේ ලයට තුරුලු වී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් නැගූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වරල දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොදුරී.....

රෑ දවසේ නොමෑකී
ලා සද සේ සැතපී
රෑ ගෙවෙනා මොහොතේ
ආයේ හිරු සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වරල දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොදුරී.....

_________(භවන්ත නදුන්)_______

No comments:

Post a Comment