සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Tuesday, December 28, 2010

♥♥ ලියු කවි පද ♥♥


ලියු කවි පද දහක් අතරේ

ලියාගන්නට බැරිව ලතැවුනා

එකම එක දිග පුංචි කවියක්

තවම ලියනවා මං //


‍නුඹෙ සුවර්‍ද පපුව ගැඹුරේ

කියාගන්නට බැරිව සිරවුණු

එකම එක දිග පුංචි පැතුමක්

තවම පතනවා මං //


උණුසුමක් රැදි පලල් උරයක

වෙලී සැතපී නිදන යුගයක

නුඹේ සුසුමක් සමර්‍ග මියැදී

යන්න තිබුණා නම්

මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන

කදුළු නෑ එහෙනම්


සදවතක රැදි සදළුතලයක

තරු කැටක් වී වැටුණු දවසක

ලතෙක් සෙනෙහස නුඹේ සිත ලර්‍ග

රැදි නොතිබුණි නම්

මගෙ දරදර්‍ඩු පිරිමි හිත යට

කර්‍දුළු නෑ එහෙනම්

2 comments:

  1. මගෙ දරදර්‍ඩු පිරිමි හිත යට

    කර්‍දුළු නෑ එහෙනම්

    ReplyDelete
  2. මමත් කැමතිම සිංදුවක්!

    ReplyDelete