මා මියගිය බව දැනගත් මොහොතෙම
ඔබනම් වැලපෙ'වි...
උපන් කෙනෙක් ලොව මියයන බව දැන
යලි ඔබ නොහඩාවි....
මගෙ දෙන නිවසට ගෙන ආ මොහොතෙම
හඩගා මතකය කියවාවි....
මතක වත පුදා දෙන ඔසවන විට
හද සසලව යලි වැලපෙ'වි.....
එතෙක් තනිවෙලා නැති අයුරින් ඔබ
එන යන අය හා හිනැහෙ'වි....
සත් දවසෙ' බණ, දානය දෙනදා
මා ගැන මතකය සිහිවෙවි....
තුන්මස්, අවුරුදු පින්කම වෙනදා
සැණකෙලි සිරියක් ගෙන එවි....
කලක් ගතවෙලා මතක පොතෙ' මම
උන්නද කියලත් නොසිතෙ'වි....
ජීවිතේ යථාර්තය ඕක තමයි.කාලයත් එක්කම ඉබේම ඔය දේවල් සිද්දවෙනවා
ReplyDeleteඑක ඇත්ත පුබුදු මරණය නවත්වන්න කටවත්ම බැ එක හැමොටම පොදු වු යතාර්තයක්.....
ReplyDelete