සිහිනවලදීත් , ආදරයේදීත්, සිදුවිය නොහැක්කක් නොමැත . .

Wednesday, July 28, 2010

පෙරුම් පුරාගෙන ලියු ගිය ඔබ...


පෙරුම් පුරාගෙන ලියු ගිය ඔබ
ඔබට ඈසෙන්නට කියනු බැරි
මගෙ'ම හිත තුල ලැගුම් ගන්න දැන්
සදාතනික වු රහසක් සෙ'....
රහසක් සෙ'.... //

මලක් වුනත් ඔබ මල් මුවරද
සිපගන්න වරම් නැහැ කිසි ලෙසකින්... //
මගෙ හද අරනෙ' සුවද සදා දෙන
මල් සුවදක් සෙ'පිපෙනු දුරින්


පෙරුම් පුරාගෙන ලියු ගිය ඔබ....

ගගක් උනත් ඔබ නිල් සිහිලස
විදගන්න වරම් නැහැ කිසි ලෙසකින්...//
නිරුදක දිවියෙ' සිහිල සදා දෙන
නිල් දියවර වි ගලනු දුරින්

පෙරුම් පුරාගෙන ලියු ගිය ඔබ....


Tuesday, July 27, 2010

නිර්මල ප්‍රෙ'මය

ආදරෙ නිසල සමනල කන්දෙන් ඉපදුන,
දුර ඈත පිටිසර ගමක,
කෙත් යායක් ලග,
අහිoසක මෑටිපහන් වල එලිය අරගෙන
සුදු බුදුකරුනා ගුණ මවන,
පුoචි පන්සලක් වගෙ' ඔබ මට..........

ඔබෙ ප්‍රෙ'මය වෙනුවෙන්ම,
භණ භාවනා කරන,
අති නිර්මල බොදි සත්වයානණ් කෙනෙක්....
ඵිරිකර දිනට මම මගෙ,
හදවත රෑගෙන,
ඔබෙ ආරමයට එන්නම්,
ජීවිතය සන්තක,
සියලු සෑප සම්පත් අතහෑර..............

අහිමි හදවත


විසල් ලොව තුල
නොනිමි සෙනෙහස
ආදරබර සිතුවිලි
පැටලෙනා සද,....
ම0 මුලාවු
මුව පැටවකු සෙ'....
තෙරක් නොපෙනෙනා
ආදරය නැමති දිය සොයනා...
නෙතුපියන් හැර,
කඩතුරා බිද,
ආදරය විනිවිද
ලොව දකින්නට...
හුදකලා වු
හදට අමතන
සෙනෙහෙබර වු,...
මුදුවදන් තෙපලන්න
ඔබෙ දෙනෙතින් ලොව දකින්නට...
ඔබෙ ප්‍රෙ'මය
ම හදට තුරුල් කරගන්නට
බලා ඉන්නෙමි
දිවි ඇතිතුරා...

Monday, July 26, 2010

මම හරිම අසරනයි රත්තර0

මම දන්නවා පැටියො'
මම ඔයාට ආදරය කලාට
ඔයාගෙ' හිතෙ' මම නැ කියලා .
එත්
මම මොනා කරන්නද?
මිරිගුවක් පස්සෙන් යනවා වගෙ'
ඔයාටම ආදරය කරනවා...
මටත් පිස්සු,
ඔයාගෙ' අව0ක සිතුවිලි වලට
මම ආදරය කරනවා ,
මට තාම හිතගන්න බැ
රත්තරන්,
මම ඇයි ඔයාට ආදරය කරන්නෙ' කියලා..

Friday, July 23, 2010

Eternal Life

Lord,make me an instrument
of your peace,
Where there is hatred, let
sow love;

Where there is injury, pardon;
Where there is doubt, faith;
Where there is despair, hope;
Where there is darkness, light;
Where there is sadness, joy;
O Divine Master , grant that I
may not so much seek to be
consoled as to console;
to be understood as
to understand;
to be loved as to love.

For it is in giving that we
receive;
it is in pardoning that we are
pardoned;
and it is in dying that we are
born to eternal life...



චුට්ටක් මෙ ගැනත් හිතන්න..........

මම ඉතින් හැමදාම ක්ලාස් යන්නෙ' බස් එකෙනෙ' ඔන්න මට හිතුනා මම දකින දෙයක් ඔයාලට කියන්න.... අපිව මෙලො'කයට බිහිකරන්න අපිව උස්සගෙන අපෙ' අම්මත් බස් වල ගාටන්න ඇතිනෙ'ද? ඉතින් දැන් අපි හොදට ඉන්නවානෙ' එත් එන්න ඉන්න කෙනෙක්ව උස්සගෙන බස් රතයට ගොඩවෙන අම්මා කෙනෙකුට තමන් ඉන්න ශිට් එක දෙන්න හිතෙන්නෙ කියෙන් කිදෙනෙකුට විතරද? අනෙ' ම0දා විවාහක ලමයි ඉන්න තාත්තලා, සමහර කෙල්ලෙ' ඇයි මෙ ගැන හිතන්නෙ නැත්තෙ'.... තමන් විතරක් බස් එකෙ ගියහම ඇති කියලා හිතනවා ඇති.... එත් කෙල්ලන් හිතන්න ඔනා එඅයත් කවදාහරි එ තත්වයට එනවානෙ'ද කියලා... දැන් හැදෙන සමාජය හරිම අන්තිමයි රිනාත්මක සිතුවිලි වලින් පිරිලා......... වැඩිහිටියෙකුට වත් සලකන්නෙ නැති සමාජයක් ... එත් කියන්න ඔනා සමහර අය විතරයි ඔය මම කියපු රින ගොඩෙ ඉන්නෙ'... හැමො'ම එක වගෙ නැ......... සමහරු තමන්ගෙ' අම්මට තාත්තාට වගෙ'ම අනිත් අයටත් සලකනවා .... එහෙම හැමො'ම කරනවානම් අපෙ' රට කොච්චර ලස්සන වෙයිද ? චුට්ටක් හිතන්න........



චුට්ටක් හිතන්න අපි හොදට හිටියොත් අපිට හැමොම ආදරය කරනවා........
අපි කරපු උදවුවකට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවි පුලුවන් විදියට අනිත් අයට උදවු කරමු...
එතකොට මොකද වෙන්නෙ' කියලා ඔයාලම හිතලා බලන්නකො'..............


Monday, July 19, 2010

~~ජීවිතේ කලා අසපුවක් කෙරූ ~~


ජීවිතේ කලා අසපුවක් කෙරූ සොදුරී____

දෙතොල් තෙලි තුඩෙන් රස හැගුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා මගේ ලයට තුරුලු වී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් නැගූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වරල දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොදුරී.....

රෑ දවසේ නොමෑකී
ලා සද සේ සැතපී
රෑ ගෙවෙනා මොහොතේ
ආයේ හිරු සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වරල දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොදුරී.....

_________(භවන්ත නදුන්)_______

සපුරා තහනම්


සපුරා තහනම් ආදරෙ මට නම්...
නෙතුපියාගන්න සදහට ටිකදිනයි තියෙන්නෙ'...
නොදැන එ නුඔ විමසුවත්
ආදරෙදැයි ඔබට මo...
අතරමoවි ගොලුවුනෙ' ආදරෙ නිසා මo....

මගෙ අවසන් හුස්ම තුරුල් කර මියෙනා තුරා ඉන්නවා නම්...
ඔබ නිදනා යහන් සමිපයෙ' සුසුමක් වි පාවෙන්නම්...
භවයෙන් භවෙ හිමි මග බලා ඔබ එයි කියා...
එතුවක් තුරා පෙරුමන් පුරා එන්නම් සොයා...

සපුරා තහනම් ආදරෙ මට නම්......

හිතල මගෙ දෙතොල් අගට වැටෙනා උනුකදුලැලි පෙ'ලි....
දුකයි හිතට ඇස් වහගන්නට නුඔලග සිටින වෙලෙ'දි...
භවයෙන් භවෙ හිමි මග බලා ඔබ එයි කියා...
එතුවක් තුරා පෙරුමන් පුරා එන්නම් සොයා...

සපුරා තහනම් ආදරෙ මටනම්......



Friday, July 16, 2010

~~~සිහින අතරෙ සොයමි ඔබ රැව~~~

මෙ මොහොත' මුලු ලො'කයම නිදි , මම ඉන්නෙ නුබ ගැන සිත සිත... ඇත දිලෙන තරැවක කොතනක හො' මට නුබව පෙ'නවා... මමත් එතැන ඉන්නවා කියලා හිතෙනවා ...මම අවදිව ඉන්න මෙ රැ නුබ පවා දැන් නිදි ඇති රත්තරo ...මම නුබට ආදරය කරන බව නුබ දන්නවා වුනත්, නැතත් මම නුබ ගැන සිහින දකිනවා... මම ආදරය කලෙ' ඔයාගෙ' ඔය ඇස් වලට... ඔයාගෙ සුවදට... එ සුවදට මම තාමත් ආදරෙයි පැටියො'...මම ඇත ඉදන් ඔයා දිහා බලන් ඉන්නවා... ඔයා මම දිහා බලන්නෙවත් නැ මගෙ පැටියො'... ඇයි එ තරමටම මාව අසරන කරන්නෙ'... ඔයාට මෙච්චර ආදරය කරන කෙල්ලව අසරන කරන්නෙ'... මම දන්නෙ නැ එ ඇයි කියලා... කවදාහරි මo ගැන ආදරයක් දැනුනු දවසට මගෙ'ලගට එන්න ... මම බලන් ඉන්නවා, මගෙ' වස්තුවෙ.... ඔයාට තෙරැවන් සරනයි!

ආත්මය කරගනිමි...


පිටව ගිය සුසුමක් සෙ'...
ඔහෙ' පාවුනු මගෙ' දිවියට ...
රිදි අරුනැල්ලක්ව පායා...
අරුත්බරව දො'ත පා...
හදවතින්ම තුරුලු කොට...
විදුරමිනක් සෙ' දිලෙන...
ප්‍රභාමත් නුබෙ මුව මඩල...
මට ශපත කල නුබව...
රකිමි, මැනිකක් ලෙසින,...
සදා නොවෙන්වන ලෙසට...
නොයමි, හැර කිසිදින...
හිදිමි , නුබ සමගින් ම.

Tuesday, July 13, 2010

අරුනලු....



මෙ බොල් පොලො'තලයෙ'
හෙට උදාවන වසන්තයෙ'...
අරුනලුද සමග යන්නට හැකිය
ඉමක් කොනක් නොපෙනෙන තෙරක් නොදකින
ගව් ගනන් දුර දිවි මගෙ'
අව0කව හා සතුටින් දිනන්නට හැක
මෙ රුදුරු ලොව......

Monday, July 12, 2010

විශ්වාසයයි ආදරයේ මුදුන් මුල

Uthura galai jeevithaye sinaha dola,

Mathura wadan kav mihiren ekalu kala,,,

Pipena kusum hada pathule janitha kala,,,

Wishvasayay adaraye mudun mula,,,


උතුරා ගලයි ජීවිතයේ සිනහ දොල,,

මතුරා වදන් කව් මිහිරෙන් එකළු කල,,,,

පිපෙනා කුසුම් හද පතුලේ ජනිත කල,,,

විශ්වාසයයි ආදරයේ මුදුන් මුල,,,,


Friday, July 9, 2010

"ප්‍රාර්ථනා "

ඡිවිතයේ සියල්ල අහිමි වී...
ප්‍රාර්ථනා
බොඳවී...පැතුම් පාවී...
විශ්වාසවන්තයන් පිටුපා...
අතීතය සදාකාලික
කඳුළක් වී...
වර්තමානය කඳුඑ ගංගාවක් වී......
අනාගතය
අපැහැදිලි මායාවක් වී...
දෛවයේ කුණාටුවලට හසුවී ගසාගෙන යද්දී...
ඔයා කියන්නෙ රත්තරන්,ඡීවිතය අලුතින් පටන්ගන්න කියලද...
(Masha Meenu)

" ආදරය "

ආදරය .. ගැන මට ලියන්න කියලා කිව්වෙ මගෙ යාලුවෙක්,, ඉතින් එයා ඉල්ලපු නිසා මට හිතෙන විදියට ඔයාලට මම ආදරය ගැන ලියන්නම්...
ආදරය කියන්නෙ' මෙ ලොකයෙ' තියෙන අපි අත්විදින්න ආස ලස්සන දෙයක්... වැඩෙ කියන්නෙ' තාම කවුරුත් එ ආදරය හරියට තෙ'රුම් අරන් නැනෙ'... (මටත් එක තෙ'රුම් ගන්න අමාරුයි...). මුලින්ම ආදරයෙ'දි අපි අව0ක වෙන්න ඔනෙ'.. එතකොට තමයි සැබැ ආදරය අපිට ලැබෙන්නෙ'... ඇත්තටම ආදරය සුන්දර අත්දැකිමක්.. අපි ආදරය කරද්දි අපිට කවදාවත් කරන්න බැරිඋන දෙ'වල් කරන්න පුලුවන් . ඇත්ත ආදරය අපි උපදින උපදින හැම ආත්මයකදිම අපිට හමුවෙනවා, එ අපි කරන ආදරය අව0කයි නම් විතරයි... ඇත්ත ආදරය කවදාවත් මැරෙන්නෙ' නැ.. උපදිනවා විතරයි.. අපිට ආදරයක් බලෙන් ලබා ගන්නත් බැ ... එක ආදරයෙ' එක සතයයක්.. ආදරයට ආදරය කරන්න එවිට ආදරය ජයගන්න පුලුවන්... ආදරය කරද්දි අනිත්කෙනගෙ' හිත රිද්දවන එකනම් හරිම පවු, හැම වෙලාවෙම ආදරය කරන කෙනාට දැනෙන්න අරින්න ඔයා එයාට කොච්චර ආදරය කරනවාද කියලා,, එතකොට එ ආදරයට පැවැත්මක් තියෙනවා... ආදරය පිවිතුරුයි , සුන්දරයි, ලස්සනයි, ආදරය වෙනුවෙන් කවි,සින්දු, නිසදැස්, පදවැල්, ලියවිලා තියෙන්නෙ' ආදරය එතරම්ම ලස්සන නිසයි.. ඉතින් යාලුවනෙ' ආදරය ගැන තවත් මොනාහරි දෙයක් ආයෙත් ලියන්නම් එත් "ආදරය" ගැන ලියන්න නම් අකුරුත් මදිවෙයි . ඔයාලත් ආදරය ගැන හිතෙන දෙවල් මට ලියලා එවන්න.....

Wednesday, July 7, 2010

,,,,ආදරනිය අම්මාට සෙනෙහසින්,,,,

උදා ගිරෙන් නැගෙනා හිරු කිරන ලෙසින්
එලිය කලෙ' අප දිවිමග ඔබ නිතැතින්
දියුනුව සොයා පා නැගුමට දිරිය දෙමින්
අත්වැල වුනා වැටෙන්නට නොමදි මෙලෙසින්

ලො'කය මොනවගෙ'දැයි පහදා මැනවින්
සැප මෙන්ම දුක ලගදි නිති සෙවනැල්ල වෙමින්
ආශිර්වාද කරමින් අපලග රැදෙමින්
අම්මා හැර කවුරුද ඉන්නෙ' මෙලෙසින්


ආදරනිය අප්පච්චිට....

හිරු කිරන ඔබයි මගෙ' ලොවට එලිය දෙන
පහන්ටැබ ඔබයි පියතුමනි මට හැමකල
සෙවනැල්ල මෙන් නිතින දිරියකල මා දිවිය
කෙසෙ' මම ගලපම්ද ඔබෙ ගුන පදවලට....


you 've always been
so loving & caring
The knowledge you've imparted
cannot be found in any book
and
apecially,,,,,,,,
Dear father...
This is not enough to say thank you..
for the things you've done for me...
I LOVE MY FATHER MORE THAN EVERYTHING..........

සමා වෙන්න,,

අනෙ' මට අද ආපු වැඩෙ කරගන්න බැරිඋනානෙ' මොකද මම බ්ලොග් එක පොඩ්ඩක් අලුත් වැඩියා කලා ඉතින් මට දැන් ලියන්න විදියකුත් නැ අම්මගෙන් බර බරෙ මාර අවුලක් වෙන්නෙ' මම ගියෙ' නැත්නම්.... හෙටනම් නොවැරදිම මොනවාම හරි දෙයක් අනිවා ලියනවාමයි.... එතකන් මම ගිහින් එන්නම්............ ආ ඔයදෙ' මට කියලා දුන්නෙ' fb එකෙ' අයියා කෙනෙක්,,,,,

Tuesday, July 6, 2010

සිතන්නට ඉගෙන ගන්න,,,

පුරුද්ද වු කලි, මිනිස් සිරුර පාලනය කරන බලවෙග වලින් අතිශෙ'ශ්ට එකකි. නැතහොත් ශෙ'ශ්ටතම බල වෙග වලින් එකකි. උදෙ' නින්දෙන් අවදිවිමෙ පටන්,නැවත නින්දට යනතුරු අප අතින් කෙරෙන වැඩවලින් 10 න් 9 ක් ම ඉබෙ කෙරෙන දෙ'වල් ය.
අප බොහො දෙදෙනකුගෙ' ක්‍රියාවලින් ඉතා ස්වල්පයක් පමනකි,පුරුදු බවට පත් වනුයෙ'.එ හෙයින් දිනපත අප කාලයෙන් වැඩි කොටසක්, කිසිත් වැදගම්මකට නැති දෙ' පිලිබද නිගමනයන්ට බැසිමෙන් හා පසුතැවිලි විමෙන් හා ගත කරන්නට සිදුවෙ,,,
වැදගත් දෙ' පිලිබදව හිතමතා බලන්ට වෙන් කලයුතු මානසික ශක්තිය, දිනපතා කලයුතු සුලු සුලු වැඩ ගැන සිතිමෙන් ගෙව දැමිම මෙහි ප්‍රතිපලයයි.අවිනිශ්ශිත සිතක් ඇති මනුශ්ශයයා වුකලි, හුදෙක් උසස් දෙ' සදහා සිය මනස,නිදහසෙ' යොදවන්නට සැහෙන තරම් පුරුදු තමා තුල රුවාගන්නට වෙහෙස නොදැරුවෙකි.
ස්වකිය ස්නායු මන්ඩලය, හිත මිතුරකු ලෙස තබා ගන්නවා වෙනුවට, හතුරකුමෙන් සිටින්නට ඉඩහරින නිස මෙබදු මනුශයයා මිහිපිට සිටින ඉතාම දුක්කිතයා හා ශො'කාතුරයා වන්නෙ'ය. මානසික ශක්තිය අතින් කල්පනා කරනවිට පුරුද්ද අතිශය වැදගත්ය...



(උපුටා ගත්තෙ'="මිනිස් සිත" නම් ග්‍රන්තයෙනි.. "The Human Machine" )

Human mind

හිරැ පායන්නා සෙ' , බැස යන්නා සෙ' නිතර ආලො'කමත් වන්නෙ'ත්, අදුරු වන්නෙ'ත් මනා පාලනයකින් තොරවු තාවකාලික හිතක් පමනි....
It's only a temporary mind that momentarily notes changes and lightness and darkness as the sun rises and sets,,,,
මම බ්ලොග් කලාවට නවකයෙක්......... ඔයගොල්ලන්න්ගෙ සහය බලපොරොත්තු වෙනවා...........